WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නක්

I
Ishanka Jayasuriya
June 3, 2026 · 1 min read
114 viewsf𝕏W
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නක්
හොරණ, බටගොඩ ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අද (03) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් එහි සිටි පුද්ගලයින් 55 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූවන් ගල්පාත සහ හොරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, ගින්න අතරතුර පුද්ගලයින් තිදෙනෙකු එයට හසු වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලෝකයේ පුංචිම සහ හුරුබුහුටිම අලියා – බෝර්නියෝ පිග්මි අලියා
Next
මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු ලෙස ශිරාන් බාසික් හඳුනාගනී

More in Breaking News