WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හොරණ වැඩිහිටි නිවාස ගින්නේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද

I
Ishanka Jayasuriya
June 3, 2026 · 1 min read
111 viewsf𝕏W
හොරණ වැඩිහිටි නිවාස ගින්නේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද
හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සත්කාරක නිවාසයක ඊයෙ (03) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ රස පරීක්ෂක වාර්තාව අද උදෑසන ලබාගැනීමට නියමිතය.
ගින්න ඇතිවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 72 දෙනෙකු රැඳී සිට ඇති අතර, ඉන් 44 දෙනෙකු කිසිදු අනතුරකින් තොරව මුදාගැනීමට සහන කණ්ඩායම් සහ පොලිසිය සමත්ව තිබේ.
ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, අතුරුදන්ව සිටි පුද්ගලයින් සොයා සිදුකළ මෙහෙයුම්වලදී 8 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මේ අතර, සත්කාරක නිවාසයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුවේට් ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබයි
Next
ඉන්දීය හා පාකිස්ථාන නාවික යාත්‍රා රැසක් කොළඹ වරායට

More in Breaking News