ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට අලුතින් පත්කර ඇති ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.
හමුව අතරතුර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුවූ බව වාර්තා වේ.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද එක්ව සිටියහ.




