WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

රුමේෂ්ගෙන් නව වාර්තාවක්

I
Ishanka Jayasuriya
June 5, 2026 · 1 min read
23 viewsf𝕏W
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නව පිටුවක් එක් කරමින් හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක විශිෂ්ට දුරක් වාර්තා කර නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
23 හැවිරිදි රුමේෂ්ගේ මෙම දක්ෂතාව 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම ලෙස සටහන් වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසිකළ පළමු අවස්ථාව ද මෙය වෙයි.
ඔහු බිඳහෙළුවේ 2006 වසරේ නෝර්වේ ක්‍රීඩකයෙකු විසින් පිහිටුවා තිබූ මීටර් 90.34ක පැරණි තරග වාර්තාවයි.
ආසියාවේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ දෙවැනි හොඳම දක්ෂතාව ලෙසද රුමේෂ්ගේ මෙම ප්‍රතිඵලය වාර්තා වන අතර, ඔහුට ඉදිරියෙන් සිටින්නේ මීටර් 92.97ක දක්ෂතාවක් දැක්වූ පාකිස්තාන ක්‍රීඩක අර්ෂාඩ් නදීම් පමණි.
එමෙන්ම මීටර් 90 සීමාව පසු කළ සිව්වැනි ආසියානු ක්‍රීඩකයා බවටද රුමේෂ් පත්ව ඇති අතර, ලෝක හෙල්ල විසිකිරීමේ ඉතිහාසයේ අටවැනි හොඳම දක්ෂතාව ලෙසද ඔහුගේ මෙම වාර්තාව සටහන් වී තිබේ.
මේ අතර, රුමේෂ් බිඳහෙළුවේ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව වන අතර, මීට පෙර ඔහු වාර්තා කර තිබූ හොඳම දක්ෂතාව මීටර් 89.37කි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තැබූ රුමේෂ් තරංගගේ මෙම විශිෂ්ට දක්ෂතාව මෙරට ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Next
බටගොඩ වැඩිහිටි නිවාස ගින්නේ මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළට

More in Sports