WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ශාන්ත පීටර්ස්බර්ග් නගරයට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

I
Ishanka Jayasuriya
June 6, 2026 · 1 min read
1 viewsf𝕏W
ශාන්ත පීටර්ස්බර්ග් නගරයට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය අතරතුර යුක්‍රේනයෙන් එල්ල වූ ඩ්‍රෝන යානා 140ක් පමණ බිම හෙළීමට තම ගුවන් ආරක්ෂක පද්ධති සමත්වූ බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
ප්‍රහාරයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු රුසියානු බලධාරීන් විසින් සොයා බලමින් සිටින බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සුරේෂ් සලේ උපවාසයක් අරඹා ඇති බවට ප්‍රකාශයක්

More in World