යෝජිත උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරියගේ මඟපෙන්වීම යටතේ, විද්වත් කමිටුවක දායකත්වයෙන් මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
ඒ සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, ඊට සමගාමීව මහජන අදහස් විමසීමක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, මහජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මාර්ගගත ප්‍රශ්නාවලියක් mohe.gov.lk� වෙත ඇතුළත් කර තිබේ.
මහජනතාවට mohe.gov.lk� ඔස්සේ පිවිස සිය අදහස් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.




